බ්ලොග්කරැවෙකු ලෙස පසුගිය අවුරැද්දක තරම් කුඩා කාලය තුල මා ලබාගත් දැනුම නවක බ්ලොග්කරැවන්හට ලබාදීමේ පළමු පියවරයි මේ ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ.. විශේෂයෙන්ම බ්ලොග් ලිවීමේදී අප මුහුණපානා ගැටලු සදහා විසදුම් මෙම බිලොග් අඩවියෙන් ලබාදීමට මා උත්සාහ ගන්නවා.. Blogger template, customizing CSS, widgets, layout, blog design, inserting JavaScripts, HTML codes, Google AdSense ආදිය ප්රයෝජනයට ගන්නා ආකාරය ඇතුඑ විවිධ දෑ මෙහිදී ඔබට ඉදිරිපත් කිරීමට මා සූදානම්... මෙහිදී ඔබට විශේෂයෙන් කිවයුතු කරැණ නම්, ඔබගේ template වල කිසියම් හෝ වෙනසක් සිදුකිරීමට පෙර එහි කොපියක් නිතරම save කර තබාගන්නා ලෙසයි. මන්ද යම් හෙයකින් ඔබ අතින් කිසියම් වැරදීමක් සිදුවුවහොත් ඔබට ඔබගේ බ්ලොග් සටහන් අහිමිවී යාහැකි බැවිනි..
Banner created with MyBannerMaker.com

බ්ලොග්කරණය - පළමු පියවර - Create a new blog

ඔබට බ්ලොග්කරැවෙකු වීමට අවශ්‍යනම් ඔබ පළමුව කලයුත්තේ Gmail Account එකක් නිර්මාණය කරගැනීමයි.

ඔබට Gmail Account එකක් නිර්මාණය කරගැනීමට අවශයනම් මෙතන ක්ලික් කරන්න.
ඔබට දැනටමත් Gmail Account එකක් තිබේනම් දැන්කල යුත්තේ ඔබ ඔබගේ බ්ලොග්එක නිර්මාණය කරගැනීමයි. මේ සදහා ඔබට පහත සදහන් වෙබ් පිටු භාවිතා කලහැක.
ඔබ ආධුනිකයෙකු නම් ඔබට Blogspot භාවිතය ඉතාපහසුය. මන්ද Wordpress වලට වඩා එය භාවිතය ආධුනිකයන්ට ඉතාපහසු බැවිනි.. මෙහිදී මා ඉදිරිපත් කරන්නේ Blogspot භාවිතයෙන් Blog එකක් නිර්මාණය කරගන්නා ආකාරය පිලිබදවයි.

මේ සදහා පහත දැක්වෙන video එක නරඹන්න..


මෙමගින් ඔබට ඉතා පහසුවෙන් blog එකක් නිර්මාණය කරගන්නා ආකාරය හා එයට Image එකක් add කරන විධිය දැනගතහැකිය..

0 අදහස්:

ඔබගේ අදහස්.....