
RSS (Rich Site Summary) is a format for delivering regularly changing web content.අන්තර්ජාලයේ හි අර්ථදැක්වීම ඉහත පරිදි දී ඇත. තවත් විධියකින් කියනවානම් , අන්තර්ජාලයේ නොකඩවා සිදුවන වෙනස්වීම් වාර්ථා කිරීමේ මාධ්යපයක් ලෙසත් මෙය හදුන්වන්න පුලුවන්. මෙහි ඇති වාසි ගැන කථාකරනවානම්, නිතර නිතර අන්තර්ජාලය භාවිතාකරන්නන්ට ඉතා පහසුවෙන් තමාගේ email මගින් තොරතුරැ ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. තවද, blog ලියන්නන් හට තමාගේ ලිපි ඉතා ජනපිය website වල පලකරවාගන්නටත් මෙමගින් හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඔබ සිංහල බ්ලොග්කරැවන්ගේ සංගමයේ සාමාජිකයෙකුනම්, ඔබගේ ලිපි සින්ඩිකේටරයේ පලවන්නේ මෙම RSS සහායෙනි.
දැන් අපි බලමු blog එකට RSS feed එකක් add කරගන්නේ කෙසේද කියා??? මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.
1. මේ සදහා මුලින්ම ඔබ පහත website එකට යායුතුය. http://www.feedburner.com/

2. ඉන්පසු ඔබගේ Gmail account එක භාවිතයෙන් feedburner එකට log වෙන්න.(ඉහත රෑපයේ පරිදි)
3. ඉන්පසු පහත රෑපයේ රතුපාටින් කොටුකර ඇති ස්ථානයේ ඔබගේ blog address(Url) එක යොදන්න. I am a podcaster කියන ස්ථානයේ ඇති tic එකද දමන්න. Next

4. පහත රෑපයේ පරිදි RSS ඇති ස්ථානයේ tic එක දමන්න. Next

5. ඉන්පසු ලැබෙන page එකේ ඔබගේ blog address , feed address එක සදහා යොදන නම යොදන්න.(බොහෝ විට මෙය default add වී තිබේ.පහත රෑපයේ පරිදි) Next

6. ඊලග page එකNext

7. මෙමගින් ඔබට ඔබගේ blog එකේ stat එක බලාගැනීමට පුලවනි. අදාල tic යොදන්න - ඔබ කැමතිනම් මෙය වෙනස්කල හැක.(පහත රෑපය බලන්න)

8. පහත රෑපය බලන්න. එහි දැක්වෙන්නේ ඔබගේ blog එකේ feedburner page එකයි. මෙමගින් ඔබට අවශය වෙනස්කම් සිදුකල හැකිය.

9. එහි කියාකාරීත්වය ගැන පැහැදිලිකිරීමක්...
ANALYZE - මෙමගින් හරහා ඔබේ ලිපි කියවන්නන්ගේ සංඛ්යා ලේඛන පිලිබද වාර්ථා බලාගන්න පුලුවන්.
OPTIMIZE - මෙමගින් ඔබට Browser Friendly , SmartCast , SmartFeed, FeedFlare, Link Splicer, Photo Splicer, Geotag your feed, Feed image burner, Title description banner, summary banner යනාදී සේවාවන් කියාත්මක කිරීමේ පහසුව ලැබෙනවා.
PUBLIZICE - මෙමගින් ඔබට Email Subscription, Feedcount ආදිය ඔබගේ blog එකේ පලකිරීමේ හැකියාව ලැබෙනවා. Email Subscription මගින් යම් අයෙකුට ඔබ ඔබගේ blog එකට ලිපියක් එකතුකල වහාම ඒ බව දැනගන්න පුලුවන්. Feedcount මගින් කොපමණ ප්රමාණයක් මෙසේ ඔබේ ලිපි email හරහා කියවනවාද යන්න ඔබට දැනගන්න පුලුවන්.
MONETIZE – Google adsense පිලිබද විස්තර මෙහි අඩංගු වේ. මේ පිලිබද විස්තර පසුව බලාපොරොත්තුවන්න.
10. පහත රෑපය බලන්න. එහි දැක්වෙන්නේ Email Subscription ඔබගේ blog එකට add කරගන්නා ආකාරයයි. ඔබ මුලින්ම මෙම සේවාව active කරගත යුතුය. ඒ සදහා “activate” button එක click කරන්න. ඉන්පසු පහත රෑපයේ පරිදි “Go” button එක click කරන්න. (save කරන්න අමතක කරන්න එපා)

11. පහත රෑප 2 බලන්න. එහි දැක්වෙන්නේ Feedcount ඔබගේ blog එකට add කරගන්නා ආකාරයයි. ඔබ මුලින්ම මෙම සේවාව active කරගත යුතුය. ඒ සදහා “activate” button එක click කරන්න. ඉන්පසු පහත රෑපයේ පරිදි ඔබට අවශය වර්ණයන් ලබාදී Html code එක copy කරගන්න. එය ඔබගේ blog එකේ paste කරන්න. (save කරන්න අමතක කරන්න එපා)

ඔබට මෙහි අපැහැදිලි යමක් ඇත්නම් පහත එක නරඹන්න.





0 අදහස්:
ඔබගේ අදහස්.....