බ්ලොග්කරැවෙකු ලෙස පසුගිය අවුරැද්දක තරම් කුඩා කාලය තුල මා ලබාගත් දැනුම නවක බ්ලොග්කරැවන්හට ලබාදීමේ පළමු පියවරයි මේ ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ.. විශේෂයෙන්ම බ්ලොග් ලිවීමේදී අප මුහුණපානා ගැටලු සදහා විසදුම් මෙම බිලොග් අඩවියෙන් ලබාදීමට මා උත්සාහ ගන්නවා.. Blogger template, customizing CSS, widgets, layout, blog design, inserting JavaScripts, HTML codes, Google AdSense ආදිය ප්රයෝජනයට ගන්නා ආකාරය ඇතුඑ විවිධ දෑ මෙහිදී ඔබට ඉදිරිපත් කිරීමට මා සූදානම්... මෙහිදී ඔබට විශේෂයෙන් කිවයුතු කරැණ නම්, ඔබගේ template වල කිසියම් හෝ වෙනසක් සිදුකිරීමට පෙර එහි කොපියක් නිතරම save කර තබාගන්නා ලෙසයි. මන්ද යම් හෙයකින් ඔබ අතින් කිසියම් වැරදීමක් සිදුවුවහොත් ඔබට ඔබගේ බ්ලොග් සටහන් අහිමිවී යාහැකි බැවිනි..
Banner created with MyBannerMaker.com

බ්ලොග්කරණය - තෙවන පියවර - Add Blogger Search Box

මෙතැන් සිට මා බලාපොරොත්තු වන්නේ ඔබගේ බ්ලොග් එක සදහා විවිධ අංග එකතු කරගන්නා ආකාරය ඉදිරිපත් කිරීමටයි. මුලින්ම මා බලාපොරොත්තු වන්නේ ඔබගේ බ්ලොග් එක සදහා Search box එකක් add කරගන්නා ආකාරය ඉදිරිපත් කිරීමටයි. මේ සදහා අවශ්‍යකරන Html code පහත දැක්වේ.


<p align="left">
<form id="searchthis" action="
YOUR BLOG URL/search" style="display:inline;" method="get">
<strong>
NAME OF YOUR BLOG<br/></strong>
<input id="b-query" maxlength="255" name="q"
size="20" type="text"/>
<input id="b-searchbtn"
value="Search"type="submit"/>
</form></p>


ඉහත රතු පැහැයෙන් දක්වා ඇති ස්ථානවල පිලිවෙලින් ඔබේ Blog url එක හා ඔබේ blog එකේ නම යොදන්න නම් අමතක කරන්න එපා. එයට අමතරව දම් පැහැයෙන් දක්වා ඇති search යන්නත්, size එකත් ඔබට කැමති පරිමාණයකට සකස් කරගන්න පුලුවන්. ඔබට අවශයනම් වෙනස් කල හැකියි..

මෙහි අවසන් පතිඵලය පහත පරිදි වේ..




NAME OF YOUR BLOG



0 අදහස්:

ඔබගේ අදහස්.....