බ්ලොග්කරැවෙකු ලෙස පසුගිය අවුරැද්දක තරම් කුඩා කාලය තුල මා ලබාගත් දැනුම නවක බ්ලොග්කරැවන්හට ලබාදීමේ පළමු පියවරයි මේ ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ.. විශේෂයෙන්ම බ්ලොග් ලිවීමේදී අප මුහුණපානා ගැටලු සදහා විසදුම් මෙම බිලොග් අඩවියෙන් ලබාදීමට මා උත්සාහ ගන්නවා.. Blogger template, customizing CSS, widgets, layout, blog design, inserting JavaScripts, HTML codes, Google AdSense ආදිය ප්රයෝජනයට ගන්නා ආකාරය ඇතුඑ විවිධ දෑ මෙහිදී ඔබට ඉදිරිපත් කිරීමට මා සූදානම්... මෙහිදී ඔබට විශේෂයෙන් කිවයුතු කරැණ නම්, ඔබගේ template වල කිසියම් හෝ වෙනසක් සිදුකිරීමට පෙර එහි කොපියක් නිතරම save කර තබාගන්නා ලෙසයි. මන්ද යම් හෙයකින් ඔබ අතින් කිසියම් වැරදීමක් සිදුවුවහොත් ඔබට ඔබගේ බ්ලොග් සටහන් අහිමිවී යාහැකි බැවිනි..
Banner created with MyBannerMaker.com

බ්ලොග්කරණය - පස්වන පියවර - Add Fevicon icon to Blogger Url

මෙහිදී මා ඉදිරිපත් කරන්නේ ඔබගේ blog url එක සදහා fevicon icon එකක් add කරගන්නා ආකාරය පහදා දීමටයි. නමුත් එයට පෙර fevicon icon එකක් යනු කුමක්දැයි මා සදහන් කරන්නම්..
ඔබ කිසියම් site එකකට පිවිසීමේදී ඔබේ web browser එකේ එම site එකට අදාලව දිස්වෙන කුඩා රෑපය fevicon icon එකක් වේ. (උදාහරණ සදහා පහත රෑපය බලන්න) බොහෝවිට මෙම fevicon icon සදහා Fevicons හා Favorite icons යන නම්ද භාවිතා කරයි.

ඔබටත් fevicon icon එකක් භාවිතා කිරීමට අවශයනම් ඔබ මුලින්ම කල යුත්තේ photoshop භාවිතයෙන් ඔබටම අනන්‍යවූ icon සාදාගැනීමයි. එසේ නොමැතිනම් online icon generator එකක් භාවිතයෙන් ඔබට පහසුවෙන් icon එකක් සාදාගන්න පුලුවන්. මෙහිදී සැලකිය යුතු තවත් කරැණක්නම් , ඔබ ‍මෙසේ icon සාදාගත් පසු එය save කලයුතු ආකාරයයි. ඔබට ඔබවිසින් සාදනලද හෝ download කරගත් icon එකේ format එකගැන සැලකීමක් දැක්විය යුතුවෙන්වා. පහත දැක්වෙන්නේ ඒ පිලිබද විස්තරයි.

  • අයිකනයේ format එක .ico හෝ .gif හෝ .png ලෙස තිබිය යුතුයි.
  • එහි size එකගැන කියනවානම් එය 16x16 හෝ 32 x32 ලෙස පැවතිය යුතුයි. (මෙහිදී 16x16 ලෙස තබාගන්නේනම් ඕනෑම browser යකින් එය දර්ශනය වෙන්න පුලුවන් )
  • ඉන්පසු ඔබවිසින් සාදාගත් අයිකනය කිසියම් වූ web folder එකකට upload කර එහි url එක ලබාගන්න. මේ සදහා පහත දැක්වෙන site එක භාවිතාකරන්න පුලුවන්. http://imageshack.us/
  • ඉන්පසු පහත පියවර අනුගමනය කරන්න.
  1. ඔබගේ එකට පිවිස Template à Edit Html (මෙහිදී ඔබගේ එකේ කොපියක් කරගෙන සිටියොත් වඩා හොදයි)
  2. ඉන්පසු එහි පහත දැක්වෙන code එක සොයාගන්න.


<title><data:blog.pageTitle/></title>

  1. ඉහත දී ඇති code එකට ඉහලින් පහත දැක්වෙන code වලින් එකක් paste කරන්න.

    .ico ආකාරයට කලේනම් -

    <link href='URL of your icon file' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>

හෝ


<link href='
URL of your icon file' rel='shortcut icon' type='image/x-icon'/>



.png ආකාරයට කලේනම් -

<link href='URL of your icon file' rel='shortcut icon' type='image/png'/>


.gif ආකාරයට කලේනම් -

<link href='URL of your icon file' rel='shortcut icon' type='image/gif'/>


(මෙහිදි විශේෂයෙන් කිවයුතු කරැණනම් ඔබ blogger සදහා මෙය භාවිතා කිරීමේදී .png හෝ .gif ආකාරයෙන් පමණක් ඔබගේ අයිකනය save කරගන්න.)


2 අදහස්:

චමිදේවා said...

ස්තූතියි මුදිත.
ඔන්න මමත් මගෙ මූණත්තහඩුව දාගත්තා.

shadeesh said...

හරිම වැදගත් ජයවේවා..

ඔබගේ අදහස්.....